parama.nibbana.dharmayathanaya@gmail.com

නිවන් අවබෝධයට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි


බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පසුවද හෙළදිව අරහතුන් වහන්සේලාගේ ස්පර්ශයෙන් නොඅඩුව පැවතියද නිවන් අවබෝධ කරගැනීමට උපනිශ්‍රය වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේතාක් කාලයක් වැසී ගොස් තිබුනද අද වනවිට නැවතත් ඒ උතුම් ධර්මය මතුවී තිබීම සියලු ලෝ වැසියකුටම මහත් අස්වැසිල්ලට කාරනයක් වනු ඇත.
පූජ්‍යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන ඇසුරෙන් දේශනාකරන ලද, එම උතුම් ත්‍රිපිටක ගත සිරි සද්ධර්ම දේශනා සහ උන්වහන්සේ විසින් ලියා පලකරන ලද දහම්පොත් පත් මෙම වෙබ් අඩවිය තුලින් පරිශීලනය කිරීමේ අවස්ථාව සකල ලෝවැසියන් හට කරුණාවෙන් මුදාහරිනු ලැබේ.
මිනිසෙකුට උපතින්ම ලැබුණු විමර්ශන ඥාණයම මතුකරගන්නට, දියුණු කරගන්නට මග කියාදී සිතීමේ හැකියාව, විපස්සනා නුවණ අනුපස්සනා ඥාණය ඉස්මතු කරගන්නටම මග පෙන්වාදීම බුද්ධ ධර්මයේ ඉගැන්වූ නිවන් මාර්ගයයි. කෙලෙස් ක්‍රියාත්මක වන්නේ තම තමන්ගේම චිත්ත සංතානයේ මිස බාහිර ලෝකයක නොවේ. කිලිටි වූ තමන්ගේම චිත්ත සංතානය පිරිසිඳු කරගත් පමනටම නිවනද නිදහසද තමන්ටම උරුම වෙනු ඇතිබව මෙහි පෙන්වා වදාල පරම සත්‍යයි.
මේ කිසිදු පොතක් අවසරයකින් තොරව මුද්‍රණය කිරීම හා අවසරයක් ඇතුව හෝ නැතිව මුදලට විකිනීම නොකළ යුතුය. මෙම ධර්ම දේශනා, පොත් පත් සංස්කරණය කිරීම නොකල යුතුය. මෙම​ සිරි සද්ධර්මය​ ඔබේ පරිගණකයෙන් වෙනත් පරිගණකයකට හෝ වෙනත් වෙබ් අඩවියකට මේ ලෙසම ඇතුලත් කිරීම සඳහා කිසිදු බාධකයක් නැත.

නිවන් දොරටුව නැවත විවර වී ඇත​.
මග ඉතා පැහැදිලිව ලෝකයා වෙත දේශනා කර අවසන්.
ඉතා දුර්ලභ මේ අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගෙන​, සියලු සත්වයෝ උතුම් නිවනින් සදා සැනසීම ලබත්වා...!

සද්ධස්ස කුල පුත්‍රයින් හට කෙරෙන කාරුණික නිවේදනයයි

නිවන් අවබෝධ කරගැනීමට උපකාර වන පැහැදිලි මග විවෘත කර දෙමින් පුරා වසර පහළොවක​​ පමණ කාලයක් තිස්සේ ඔබ සැමට ධර්ම මාර්ගය කියා දුන් අති ගෞරවනීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට එරෙහිව කටයුතු කිරීමට යම් පිරිසක් පෙළ ගැසී ඇත​. එම පිරිස විසින් විද්‍යුත් මාධ්‍ය​, මුද්‍රිත මාධ්‍ය සහ අන්තර්ජාලය යොදා ගනිමින් නොයෙක් විකෘති පුවත් සංනිවේදනය කරයි. ඒ පිළිබඳව මේ මොහොතේ ඔබ කවුරුන් හෝ යම්කිසි ව්‍යාකූල තත්වයකට පත්වීම සුදුසු නොවේ. මන්ද ඒ සියල්ල දෙස උපේක්ඛා සහගත වීමට සහ හේතු ඵල දහමට බහා ගලපා බලන්නට අරිය මාර්ගයට පැමිණි ඔබට අපහසු නොවන නිසාය​.

දැන් අප විසින් කලයුතුව ඇත්තේ මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති පිරිසට සත්‍ය අවබෝධ වනු පිණිස අප ප්‍රතිපදාව තුල වූ පරම මෛත්‍රිය පතුරුවා සත්‍යක්‍රියාවේ පිහිටීමයි.