parama.nibbana.dharmayathanaya@gmail.com

සද්ධස්ස කුල පුත්‍රයින් හට කෙරෙන කාරුණික නිවේදනයයි

නිවන් අවබෝධ කරගැනීමට උපකාර වන පැහැදිලි මග විවෘත කර දෙමින් පුරා වසර පහළොවක​​ පමණ කාලයක් තිස්සේ ඔබ සැමට ධර්ම මාර්ගය කියා දුන් අති ගෞරවනීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට එරෙහිව කටයුතු කිරීමට යම් පිරිසක් පෙළ ගැසී ඇත​.එම පිරිස විසින් විද්‍යුත් මාධ්‍ය​, මුද්‍රිත මාධ්‍ය සහ අන්තර්ජාලය යොදා ගනිමින් නොයෙක් විකෘති පුවත් සංනිවේදනය කරයි. ඒ පිළිබඳව මේ මොහොතේ ඔබ කවුරුන් හෝ යම්කිසි ව්‍යාකූල තත්වයකට පත්වීම සුදුසු නොවේ. මන්ද ඒ සියල්ල දෙස උපේක්ඛා සහගත වීමට සහ හේතු ඵල දහමට බහා ගලපා බලන්නට අරිය මාර්ගයට පැමිණි ඔබට අපහසු නොවන නිසාය​.

දැන් අප විසින් කලයුතුව ඇත්තේ මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති පිරිසට සත්‍ය අවබෝධ වනු පිණිස අප ප්‍රතිපදාව තුල වූ පරම මෛත්‍රිය පතුරුවා සත්‍යක්‍රියාවේ පිහිටීමයි.